අතුරු ආබාධ නැති ජාන වෛද්‍ය ප්‍රතිකාර සඳහා කටයුතු අරම්භ කරයි – අමාත්‍ය රාජිත සේනාරත්න

Share

සමකැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ ක‌ළේ,

තවත් වසර 20කින් ජාන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක වන අතර ඒ සඳහා කටයුතු ආරම්භ කර තිබෙන බවත්, රෝගය හඳුනාගෙන රෝග ජානයට ප්‍රතිකාර කිරීම මෙමඟින් සිදු වන බවයි.

පිළිකා වැනි රෝගයක් හඳුනාගත් පසු මෙම ජාන ප්‍රතිකාර ක්‍රමය තුළ පිළිකාව වර්ධනය වීම සම්පූර්ණයෙන් නතර වන බවත් පිළිකාවට ප්‍රතිකාර කිරීමෙන් ඇති වන අතුරු ආබාධ කිසිවක් ඇති නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම ජාන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් ස්ථාපිත කරමින් ආරම්භ කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා විශ්වවිද්‍යාලය ද සම්බන්ධ කර ගනිමින් වසර 10ක් පමණ යන විට යම් රෝග සංඛ්‍යාවකට එම ප්‍රතිකාර ක්‍රමය භාවිත කළ හැකි බව ද සඳහන් කළේය.

Read more

Local News