බලපත්‍ර න‌ොමැතිව ව්‍යාජ ලේබල් අලවා විකිණීමට ඉදිරිපත් කළ පොලිතින් නිෂ්පාදන අත්අඩංගුවට

Share

නිසි බලපත්‍රයක් නොගෙන ව්‍යාජ තොරතුරු සහිත ලේබල් අලවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඇසුරුම් 500 මලු 18 ක් වටලා අත්අඩංගුවට ගැනීමට පාරිභ‌ෝගික කටයුතු අධිකාරිය සමත් වී තිබේ.

පානදුර මිනුවන්පිටිය පාර, වලාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය පොලිතින් නිෂ්පාදන ආයතනයක්, නිසි පරිසර බලපත්‍රයක් පවා ලබා නොගෙන තම නිෂ්පාදන කටයුතු සිදුකර ඇත.

එසේම මෙම පොලිතින් බහාලුම්වල ලේබලයේ අඩංගු සියලු විස්තර ව්‍යාජ ඒවා බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

Read more

Local News