හුලංදාව රක්ෂිත‌යේ මහා පරිමාණයේ මී දැව ජාවාරමක් – සැකකරුවන් අත්අඩංගුවට

Share

මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුව මොණරාගල හුලංදාව දකුණ ප්‍රදේශයේ ඇල රක්ෂිතයේ සිදු කල හදිසි වැටලීමකදී නීති විරෝධීව ජංගම ලී ඉරුම් කට්ටලයක් යොදා ගනිමින් මී ගස් කපා කුට්ටි කල ජාවාරමක් වැටලීමට සමත් වී ඇත.

සැකකරුවන් විසින් වසර ගනනාවක් ඉපැරැණි මී ගස් කපා කුට්ටි කරමින් සිට ඇති අතර මෙම සැකකරුවන් කලක සිට මෙම ජාවාරමේ නිරත වූ පිරිසක් බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

වැටලීම සිදු කර එම ස්ථානයේ තිබූ ලක්ෂ දහයකට වඩා වැඩි වටිනාකමකින් යුතු මී දැව කදන් තොගයක්, අත් ට්‍රැක්ටරයක්, ජංගම ලී ඉරුම් කට්ටියක් සහ උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම වැටලීම සිදු වන අතරතුර සැකකරුවන් පලා ගොස් ඇති අතර සැකකරුවන් පිළිබඳ තොරතුරු පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

වැඩිදුර විමර්ශන සදහා දැව තොගය සහ උපකරණ මොණරාගල පොලිසිය වෙත භාර දී ඇත.

Read more

Local News