දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගොඩනැගිල්ලක ගින්නක්

Share

දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගොඩනැගිල්ලක් තුළ ගින්නක් හටගෙන තිබේ.

පොලිසිය සදහන් කළේ, අද (12) පෙරවරු 11.00 ට පමණ ගුවන් හමුදා කඳවුරට අයත් වසා දමා ඇති ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මේ වන විට කටයුතු සිදුකරමින් පවතින බව සඳහන් ව‌ෙයි.

ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැත.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක පළ කෙරෙයි.

 

Read more

Local News