අඩු මිලට වැලි ලබා ගත හැකි වැලි වෙළඳපොළක්

Share

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැලි මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් අඩු මිලට වැලි ලබාදීමට පියවර ගෙන භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

එය ගම්පහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දී ලබන අගෝස්තු මස සිට ඇරඹීමට පියවර ගෙන තිබේ.
දැනට වෙළෙදපොලේ රුපියල් දහඅට දහසක් පමණ වන වැලි කියුබ් එකක් රුපියල් පන්දහසක් අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බවත් මෙය අගෝස්තු මස මුලදී ආරම්භ කෙරෙන අතර වැරැල්ලවත්ත කාර්යාංශ පරිශ්‍රයෙන් මිලදී ගතහැකි වන බවත් භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරයි.

Read more

Local News