අධික වර්ෂාවත් සමඟ ඉහළ ක‌ොත්මලේ ජලාශයේ එක් වාන් ද‌ොරටුවක් විවෘත කරයි

Share

මධ්‍යම කඳුකර‌යේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ අද (16) අලුයම සිට ඉහළ ක‌ොත්මලේ ජලාශයේ එක් වාන් ද‌ොරටුවක් විවෘත කර ඇත.

තවදුරටත් එම ජල ප‌ෝෂක ප්‍රදේශවලට වැසි ලැබුණහ‌ොත් එම ජලාශයේ ස‌ෙසු වාන් දා‌ෙරටු ද ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ ‌වේල්ලට පහලින් ක‌ොත්මලේ ඔය‌ේ ද‌ෙපස පදිංචිකරුවන් සහ එම ඔයේ ජලය පරිහරණය කරන අය සැලකිලිමත්ව සිටින ල‌ෙස එම විදුලිබලාගාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

අධික වර්ෂාවත් සමගම මධ්‍යම කඳුකරයේ ප්‍රධාන මාර්ග සියල්ලකටම ඝන මීදුමි තත්වයක් පැවතීම ‌හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටය බාධා පැමිණ ඇත.

මීදුම් පවතින හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් ක‌ොළඹ ප්‍රධාන මාර්ගයේත් රථ වාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් ල‌ෙස ස‌ෙමින් රිය ධාවනය කරන ල‌ෙස ප‌ොලිසිය රියදුරන්ග‌ෙන් ඉල්ලා සිටියි.

Read more

Local News