බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරකින් තිදෙනෙක් රෝහලේ

Share

කොළඹ සිට මුලතිව් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අසළ ගසක වැදීම‌ෙන් අනතුරක් සිදුව තිබේ.

ම‌ෙම අනතුරින් බස් රථයේ ගමන්ගත් මගීහු තිදෙනෙකු තුවාල ලබා ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබූ මගීන් තිදෙනා මුලතිව් රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් මුල්ලියාවලේයි පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Read more

Local News