ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අදයි

Share

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී 20 දා ආරම්භ විය.

එ් අනුව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද (22) යි.

ඊයේ දෙවන දිනය නිමා වනවිට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 151 ක් ලබා සිටියේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 338 ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකාව පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 124 ක් පමණයි.

ඒ අනුව මේ වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 237 ක් රැස් කර ගෙන සිටියි.

Read more

Local News