2016 මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූ අවිධිමත් ක්‍රියාවක් සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව යළි ජූලි මස 22 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා. මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, මෙය විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ වනවිට නිසි ලෙස ස්ථාපිත කර නොමැති බව විවෘත අධිකරණයේදී ප්‍රකාශ වූ අතර, ඒ අනුව ඉදිරි පියවර සඳහා නඩුව මෙලෙස කල් තැබීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
Share
Read more



