හලාවත – පුත්තලම මාර්ගයේ කීරියන්කලිය ප්‍රදේශයේදී අද (24දා) අලුයම ලොරි රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසි සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ ආරුමුගම් නමැති 48 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනා හලාවත සහ මුන්දලම රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මුන්දලම පොලීසිය සිදු කරයි.