ජලජිවි වගාව සඳහා පස් අවුරුදු සැලැස්මක් – අමාත්‍ය දිලිප් වෙදආරච්චි

Share

මෙරටට වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්තය බවට ජලජිවි වගාව බවට පත්කිරීම සදහා පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය.
ඒ සදහා වන වැඩපිළිවෙල කඩිනමින් සකස්කර ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදුන්නේය.
මුහුදේ මත්ස්‍ය සම්පත සීග්‍රයෙන් ක්ෂය වෙමින් පැවතීමත් මුහුදේ මත්ස්‍ය අස්වැන්න නෙලාගැනීම සදහා දැරීමට සිදුවන අධික වැය නිසා මත්ස්‍ය වගාව සදහා වඩා වාසිදායක මෙන්ම ඵලදායි බව පර්යේෂණ වලින් තහවුරු වී තිබේ.  
මේ නිසා ලෝකයේ බොහෝ රටවල් ගොඩබිම මත්ස්‍ය වගාව මගින් වැඩි විදේශ විනිමයක් උපයති. ඒ අනුව ලංකාවේ ජලජිවි වගාව ව්‍යාප්ත කර මත්ස්‍ය වගාව මගින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටට හිමිකර දීම සදහා මෙම පස් අවුරුදු ජලජිවි වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය 

Read more

Local News