නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ගිවිසුමක් මඟින් පවරා දීම හෙට

Share

නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ගිවිසුමක් මඟින් පවරා දීම හෙට (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික නාමල් උයනේ දී සිදු කෙරේ.
1991 වර්ෂයේ දී අාරම්භ කර අැති ජාතික නාමල් උයන ජාතික, ආගමික හා භූගෝලීය වශයෙන් කීර්තියට පත් රෝස තිරුවානා කන්ද පිහිටි ජාතික නාමල් උයන අනාගත පරපුරට සුරක්ෂිත කොට දැකබලා ගැනීමටත්, සංචාරක ආකර්ෂණය ඇති කොට සංවර්ධනය කිරීමට පියවර ගනියි.
ජාතික නාමල් උයන සුවිශේෂී පරිසර පද්ධතියක් මෙන් ම ජාතික වශයෙන්, භූගෝලීය, ආර්ථික, සමාජීය හා ආගමික වශයෙන් වැදගත් වන බැවින් මෙම පියවර ගැනීමට ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පසුගිය දා තීරණය කළහ.

Read more

Local News