වාරිමාර්ග නඩත්තු කටයුතු කඩිනම් කිරීමට ”දියවර නෑයෝ” නමින් ජංගම වැඩසටහනක්

Share

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල වසර 03කට අධික කාලයක් පැවති නියං හේතුවෙන් පීඩාවට පත් ගොවි ජනතාවගේ කෘෂි කාර්මික කටයුතු හා 2018-2019 මහ කන්නය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජලය ප්‍රමාණවත්ව සැපයීමේ අරමුණින් ”දියවර නෑයෝ” නමින් ජංගම සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

ඒ අනුව අබලන් වූ ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම හා දීර්ඝ කාලීනව වාරි මාර්ග පද්ධතිවල පවතින ගැටළු කඩිනමින් විසඳීම මගින් වාරි පහසුකම් සැපයීමේ අරමුණින් මෙම ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ගොවි ජනතාවගේ ශ්‍රම දායකත්වය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩසහන සඳහා ගොවිජනතාවගේ සහ මහජන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ප්‍රදේශ තුළ ජංගම සේවා පැවැත්වීමත්, වාරිමාර්ග පද්ධති වල පවතින ගැටළු විසඳීම පිණිස කඩිනම් නඩත්තු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් මෙමගින් සිදු කිරීමට අපේක්ෂිත බව වාරිමාර්ග සහ ජල සම්පත් සහ ආපදා කළමණාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට තිබූ යෝජනාවේ දැක් වේ.

Read more

Local News