ආසියාවේ හොඳම ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට ගාල්ල පත්කරන බවත්, එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන අතර, මාතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගාල්ලේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතයි. ඒ තුළින් රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරෙන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.