සල්මාන් වෙනුවට අර්ජූන් කපූර්

Share

2005 වසරේ තිරගත වූ අනෙස් බස්මිගේ ‘නෝ එන්ට්‍රි’ චිත්‍රපටයේ දෙවැනි කොටස මේ වනවිට නිර්මාණය කරන්නට සියල්ල සැලසුම් කොට තිබෙන බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත්, ‘නෝ ඇන්ට්‍රි’ දෙවැනි චිත්‍රපටයට මුලින් සල්මාන් ඛාන්ගේ නම ඇතුලත්ව තිබුණද මේ වනවිට ඔහු චිත්‍රපටයෙන් ඉවත් කොට ඒ සඳහා අර්ජූන් කපූර්ගේ නම ඇතුලත් කොට තිබෙන බව සඳහන් වේ.

‘නෝ ඇන්ට්‍රි’ චිත්‍රපටයේ පළමු වැන්න අර්ජූන් කපූර්ගේ පියා වන බොනි කපූර්ගේ නිෂ්පාදනයක් වන අතර, දෙවැන්නද ඔහුගේම නිෂ්පාදනයක් බව සඳහන් වේ. ඒ නිසාම සිය පුතා යොදාගෙන ඔහු මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නට සැලසුම් කළ බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

source: saaravita.lk

Read more

Local News