රත්මලාන ගුවන්තොටුපළ සංවර්ධනය කිරිමට පියවර

Share

ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන රත්මලාන ගුවන්තොටුපළ ඉදිරි 2030 වසරේ අවශ්‍යතාවයන් ඉලක්ක කරගනිමින් දීර්ඝ කාලීනව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
මෙම ගුවන්තොටුපළ මේ වන විට වසර 80 ක පමණ කාලයක් තුළ ජාත්‍යන්තර හා අභ්‍යන්තර ගුවන් සේවා කටයුතුවලට යොදාගෙන ඇති බවත්, විශේෂයෙන් පසුගිය යුද සමය තුළ ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහා යොදාගත් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
2009 වසරේ කුරිරු යුද්ධය නිමාවීමත් සමගම මෙම ගුවන් තොටුපල නැවතත් පූර්ණ වශයෙන් සිවිල් ගුවන් සේවා කටයුතු සඳහා ආරම්භ කිරීමටත්, නවීන තාක්ෂණයෙන් යුතුව ජාත්‍යන්තර හා අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා සංවර්ධනය කිරීමටත් වත්මන් රජය විසින් සැලසුම් කර ඇති බවද පැවසීය.

Read more

Local News