සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් ජනපති එමර්සන් මනන්ගග්වාට ජය

Share

සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් ජනපති එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කර තිබ‌ෙ‌න බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ, සමස්තයක් ලෙස 50.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

ඔහුගේ ප්‍රතිවාදී නෙල්සන් චමීසාට ලබා ගැනීමට හැකි වූයේ, 44.3%ක් පමණි.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ සිම්බාබ්වේ විපක්ෂ දේශපාලන නිලධාරීන් මැතිවරණ කොමිසමෙන් ඉවත් කිරීමට පොලීසිය පියවර ගත් බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

Read more

Local News