ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ත‌ෙවන එක්දින තරඟය හ‌ෙට

Share

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5 කින් යුත් එක්දින තරගාවලිය‌ේ ත‌ෙවන තරඟය හ‌ෙට ආරම්භ ව‌ෙයි.

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව හෙට (05) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවත්වීමට නියමිත තුන්වැනි එක්දින තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක් බවට පත්වී ඇත.

දඹුල්ලේ පැවැති පළමු තරඟ 2ම පරාජයට පත්වීම නිසා තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0කින් පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තරඟය ජයගැනීමට නොහැකිවුවහොත් තරඟ දෙකක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියේ කුසලානය දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිවනු ඇත.

Read more

Local News