ගම්පොල ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් කාන්තාවක් මරුට

Share

ගම්පොල, වෙලගෙදර ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් 56 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබ‌ෙන බවට වාර්තා ව‌ෙයි.

පොලීසිය සඳහන් කළ‌ේ, බස් රථයකින් බැසගත් කාන්තාවක් බස් රථය ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කිරිමට යාමේදී බස් රථයේ ගැටීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ගම්පොල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News