ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Share

ශ්‍රී ලංකාව වර්ෂ 2030 වන විට තිරසර දේශයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති විශේෂඥ කමිටුව මගින් සකස් කරන ලද ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අද (6) පස්වරු 3.00ට සිදු කෙරේ.

ඒ බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම තිරසාර කතිකාව ජනගත කිරීමේ අවස්ථාව දේශපාලන උත්සවයක් නොවන අතර පක්ෂ විපක්ෂ සියළු දෙනාට ඒ සඳහා ආරාධනා කොට ඇතැයි තිරසර සංවර්ධන කමිටුවේ ලේකම් හා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

 

Read more

Local News