මාතර දී පැහැර ගත් සිසුවා සොයා ගැනේ

Share

මාතර – ඉසදීන් නගරය ආසන්නයේදී පැහැර ගත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවා අහංගම ප්‍රදේශයේ දමා ගොස් සිටියදී පොලීසිය විසින් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මාතර – හිත්තටිය ප්‍රදේශයේ ඥාති නිවසක නතර වී ඊයේ ආරම්භ වූ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට පැමිණ ඇති අවස්තාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් සිසුවා පැහැරගෙන ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ කවුරුන් විසින් සිසුවා පැහැර ගත්තේ ද යන්න පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති බවයි.

Read more

Local News