ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක්

Share

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන්නට පාර්ලිමේන්තුවේ සියළුම පක්‍ෂ නායකවරුන් ඒකමතිකව එකඟ වී ඇත.

එම කාරක සභාව සම්බන්ධව මේ මාසය තුළ පාර්ලිමේන්තුවට වාර්තා කරන බවත් ඉන් අනතුරුව නිල වශයෙන් කාරක සභාව පත් වන බවත් කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සදහා වූ පාර්ලිමේන්තු කමිටුවේ ප්‍රථම ප්‍රාදේශීය සමළුවේ දී කතානායකවරයා විසින් මේ බව පවසන ලදී.

Read more

Local News