ගාල්ලේ ඉදිවන නවීන පහසුකම් සහිත ක්‍රිඩාංගණයේ වැඩ කටයුතු අවසන් අදීරයේ

Share

ගාල්ල දඩල්ල ඉදි වන නවීන පහසුකම් සහිත ක්‍රිඩාංගණයේ වැඩ කටයුතු මේ වන විට 90%ක් පමණ අවසන්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා ඒකකය සඳහන් කර සිටියි.

මිලියන 275ක යෝජිත මුල්‍ය ප්‍රතිපාදන මත 2012 වසරේ මුල් ගල තැබූ මෙම ක්‍රිඩාංගණය අතරමග නවතා දමා තිබිණ. නමුත් 2016 වසරේදී ක්‍රීඩා අමාත්‍යංශය විසින් නැවත ක්‍රීඩාංගණය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කළ අතර මේ වන තෙක් එම ඉදිකිරීම් අඛණ්ඩව සිදු කරමින් පවතී.

මීටර් 400ක ජාතික මට්ටමේ ධාවන පථයකින්, මීටර් 25ක පිහිනුම් තටාකයක්, ගෘහස්ත ක්‍රීඩාගාරයක් නවීන පහසුකම්වලින් සපිරි ශරීර සුවතා මධ්‍යස්ථානයක් හා වාහන නවතා තැබිය හැකි අංගනයකින් ක්‍රීඩාංගණය සමන්විත වෙයි. ඊටම වෙන්වු ජලපවහන පද්ධතියක්ද ක්‍රියාත්මකය.

මෙම ක්‍රීඩාංගණය වසර 18 කට පසු ගාල්ලට හිමි වන නවීන පහසුකම්වලින් සපිරි ක්‍රීඩාංගණයයි.

මෙම ක්‍රීඩාංගනයත් සමගින් ගාල්ල සහ ඒ අවට පාසල් මලල ක්‍රීඩාව, ක්‍රීඩා සමාජ, පිහිනුම් සමාජ, මලළ ක්‍රීඩා සමාජ, පාපන්දු සමාජවලට ඉහළ දස්කම් රැසක් දැක්විමට අවශ්‍ය ඉඩකඩ මෙම ක්‍රීඩාංගණය සමඟ විවර වෙයි.‍ෙ

මේ අවසර අවසන් විමට ප්‍රථම ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. මෙහි ඉදිකිරීම් මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ උපදෙස් පරිදි සිදු කරනු ලබයි.

Read more

Local News