බිම්බෝම්බයක් පුපුරා යාමෙන් තරුණයෙකුට බරපතළ තුවාල

Share

යාපනය – මුහමාලෙයි කැලෑබඳ ප්‍රදේශයේ ඉවත් නොකරන ලද බිම්බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් තරුණයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කොට ඇති බව පලෙයි පොලීසිය පවසයි.

ඊයේ (08) සවස පවුලේ සමාජිකයින් සමඟ දර කැඩීම සඳහා කැලෑබඳ ප්‍රදේශයට ගිය මුහමාලෙයි එලුදුමට්ටුවාල දකුණ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි ජේ.එම්. නිදර්ශන් නැමති තරුණයෙකු මෙම අනතුරට ලක්ව තිබේ.

නමුත් තරුණයා ගමන් කොට ඇත්තේ බිම් බෝම්බ ඉවත් නොකරන ලද ප්‍රදේශයක බැවින් තරුණයා කැලෑවේ තිබූ වැටක් තුළින් රිංගා යාමට උත්සහ කිරීමේදී පයට පෑගි තිබූ බිම්බෝම්බයක් එම අවස්ථාව්දී පුපුරා යාමෙන් තරුණයා බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

බෝම්බය පුපුරා යාමෙන් තරුණයාගේ අත්වලට බරපතළ හානි සිදුව ඇති බවත් පලෙයි රෝහලට ඇතුළත් කර තිබේ.

Read more

Local News