ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඇමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ මාලදිවයින ජාතිකයෙක් අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් දහතුන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ව්‍යාජ ඇමරිකානු ඩොලර් පනහේ නෝට්ටු 169 ක් අත්අඩංගුවට ගෙන තිබේ.




