ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) ස්ථාපිත කිරීම ඔස්සේ සමකාලීන ජාත්‍යන්තර සබඳතාවන්හි, නව පරිච්ඡේදයක් ඇරඹුණු බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසා ඇත.
SCO සංවිධානයේ 25වන සංවත්සරය නිමිත්තෙන් බෙයිජිං නගරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින්, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෙකු ද වන හෙතෙම පැවසුවේ, SCO සාමාජික රටවල් “ෂැංහයි ජීවගුණය”ලෙස හැඳින්වෙන අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, සමානාත්මතාව, උපදේශනය, විවිධ සංස්කෘතීන්ට ගරු කිරීම සහ පොදු සංවර්ධනය සඳහා උත්සාහය වර්ධනය කරමින්, නව මුහුණුවරක ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ඇති බවයි.
චීනය යෝජනා කර ඇති ගෝලීය ප්‍රධාන මුලපිරීම් හතර සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පය, ලෝකයට නිවැරදි දිශාවක් පෙන්වා දී ඇති බව ද ඔහු සඳහන් කළේය. එමෙන් ම, ලෝක සාමය, සංවර්ධනය, සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය ජයග්‍රහණ ප්‍රවර්ධනය කිරීම සඳහා SCO සංවිධානය වඩාත් සක්‍රීය භූමිකාවක් ඉටු කළ යුතු බව ද විදේශ අමාත්‍යවරයාගේ අදහස විය.
Wang Yi මහතා වැඩිදුරටත් සඳහන් කළේ, SCO සාමාජික රටවල් සමඟ සංවර්ධන අවස්ථා බෙදා ගැනීමටත්, අන්‍යෝන්‍ය ජයග්‍රාහී සහයෝගිතාව සාක්ෂාත් කර ගැනීමටත් චීනය සූදානම් බවයි.




