රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල්ගල් තැබිමේ උත්සවය අද

Share

රුපියල් මිලියන 2500ක වියදමින් ඉදිකිරිමට නියමිත රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල්ගල් තැබිමේ උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රත්නපුර දී සිදු කෙරේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ උසාවිවල පවතින තදබදය හා එහි දැනට ඇති ගොඩනැගිලි යල්පැන ගිය ස්වභාවය මෙන්ම භූමියේ පවත්නා ගැටළු සහගත තත්ත්වය හේතුකොට ගෙන මෙම අධිකරණ සංකිර්ණය කඩිනමින් ඉදිකිරිම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ.
මෙම සංකිර්ණය සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ 02ක්, දිසා අධිකරණ 02ක්, මහ අධිකරණ 03ක්, කම්කරු  විනිශ්චය සභා 01ක් අයත් වේ.
ඉදිකිරිම වසර 03කින් අවසන් කිරීමට සැලසුම් කොට ඇත.

Read more

Local News