හ‌ෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ තරමක වැඩිවීමක්

Share

හ‌ෙට (12) සිට දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ, වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙර‌ෙ‌න බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

වයඹ පළාතේත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 වැඩි තරමක් තද වැසිද ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

Read more

Local News