අම්බලංගොඩ නිල සෙවණ කාර්යාල 5 ක් අද ජනතා අයිතියට පත් කෙරේ

Share

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන මත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකළ නිල සෙවණ කාර්යාල 5 ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් අද (12) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

කළුවගහ ජනපදය, ගෝනපිනුවල මධ්‍යම, මහගංගොඩ, කිරිදිඇල සහ කරුවලබැද්ද මෙසේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත නිල සෙවණ කාර්යාල වෙයි.

මේ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වැය කළ මුදල රුපියල් ලක්ෂ 100 කි.

Read more

Local News