නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ තරමක වැඩිවීමක්

Share

දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ, වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ තරමක වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

වයඹ පළාතේත් කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක.

දිවයින පුරා, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

Read more

Local News