අලුතින් ගෙන්වන ලද බස්රථ ධාවනයට හවුල්කාර සමාගමක් – ලංගම සභාපති

Share

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් හංගේරියාවෙන් ගෙන්වීමට යන වායු සමනය කරන ලද බස්රථ 1000 ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ඒවා සපයන හංගේරියානු සමාගම එක්ව පිහිටුවනු ලබන හවුල්කාර සමාගමක් මඟින් මඟී ප්‍රවාහනය සඳහා යොදා වනු ඇත.

විදුලියෙන් ධාවනය කෙරෙන බස්රථ 250ක් සහ හයිබ්‍රිඩ් බස්රථ 750 ක් මෙම බස්රථ 1000ට අයත් වේ. මෙයින් විදුලි බස්රථ 250 කොළඔ හා නගරාශ්‍රිත ප්‍රදේශවලත් අනෙක් බස්රථ කොළඔ සහ පිට පළාත් අතර ධාවනයෙහි යෙදවිමට බලාපොරොත්තු වන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවැසීය.

අලුතින් ගෙන්වු ලබන මෙම බස්රථවල නඩත්තු කටයුතු හංගේරියානු සමාගම විසින් සුදුකෙරෙන අතර මෙම බස් සේවාවන් ලැබෙන ලාභයෙන් කොටසක් ලංගමයට ලැබෙන පරිදි ගිවිසුම් අත්සන් කිරිමට යන බවද සභාපතිවරයා කීය.

Read more

Local News