අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප‍්‍රාකාර බැම්ම විවෘත කිරීම අද

Share

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්‍යාපෘතිය විසින් සංරක්‍ෂණය කරන ලද ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප‍්‍රාකාර බැම්ම හා අංක 17 ශෛලමය පොකුණ විවෘත කිරීම මෙන්ම ලෝවාමහාපාය පොහොයගෙය ප‍්‍රතිසංස්කරණය ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීමේ මහෝත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (14) අනුරාධපුර මහාවිහාර පරිශ‍්‍රයේදී සිදුකෙරේ.

මහාවිහාර පරිශ‍්‍රයේ පිහිටා ඇති තවත් ප‍්‍රධාන ස්මාරකයක් වූ ගිණි පොකුණ නමින් ජනප්‍රවාදයේ හඳුන්වන මීටර් 27 ක් දිගින් ද මීටර් 17 ක් පළලින් හා මීටර් 18 ක ගැඹුරින් යුතු ඉපැරණි ශෛලමය පොකුණ ද පුරාවිද්‍යාත්මක සංරක්‍ෂණ න්‍යායන්ට අනුව සංරක්‍ෂණය අවසන් කොට විවෘත කිරීමට නියමිත ය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ක‍්‍රියාත්මක කෙරෙන අනුරාධපුර මහාවිහාර පරිශ‍්‍රය සංවර්ධනය කිරීමේ තුන් අවුරුදු සැලැස්ම (2018- 2020) යටතේ රු. මිලියන 300 ක මූල්‍ය ප‍්‍රතිපාදන යොදවමින් ක‍්‍රියාවට නංවයි.

Read more

Local News