විස්සයි විස්ස තරඟය‌ේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

Share

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊය‌ේ (14) රාත්‍රීය‌ේ පැවැත්විණි.

තරඟය කඩුලු 03කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් විය.

කාසිය වාසිය ලබා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර සියලු ක්‍රිඩකයින් පන්දුවාර 16යි පන්දු 04ක් තුල ලකුණු 98කට දැවී ගිය‌ේය.

එහිදී කුවින්ටන් ඩී කුක් ලකුණු 20ක් රැස්කළ අතර සෙසු කිසිඳු පිතිකරුවෙකුටවත් ලකුණු 20 සීමාව පසුකරන්නට න‌ොහැකි විය.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 03ක් බිඳ දැමූ අතර අකිල ධනංජය සහ ධනංජය ද සිල්වා දකුණු අප්‍රිකානු කඩුලු 02 බැගින් බිඳ දැමීය.

ලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 16ක් තුල කඩුලු 07ක් දැවී තිබියදී එම ජයග්‍රාහී සීමාව පසුකර ගියේ ය.

එහිදී ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කළේ හයේ පහර 02ක් සහ හතරේ පහර 04ක් සමඟිනි.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය දිනේෂ් චන්දිමාල් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 36ක්.

පිත්තෙන් සහ පන්දුවෙන් දක්ෂතා දැක්වූ ධනංජයද සිල්වා තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්ත‌ේ ය.

Read more

Local News