නීති විරෝධීව කලුවර දැව තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කල සැකකරුවකු අත්අඩංගුවට

Share

බුත්තල ඔක්කම්පිටිය පොලිසියට ලද තොරතුරක් අනුව මාර්ග බාධක යොදා ඔක්කම්පිටිය පොලිසිය විසින් ඊයේ (14) රාත්‍රි සිදු කල වැටලීමකදී නීති විරෝධීව කලුවර දැව තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කල සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් ලොරි රථයේ ඉතා සූක්ෂම ලෙස අසුරා විවිධ ප්‍රමාණයේ ලෑලි සහ උළුවහු ප්‍රමාණයට ඉරන ලදී කලුවර දැව කැබලි හැත්තෑඅටක් මෙලෙස ප්‍රවාහනය කර තිබේ.

දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හය ඉක්මවන බව පොලිසියි.

අත්අඩංගුවට ගත් සැකකරු වැවේකනත්ත ඔක්කම්පිටිය පදිංචි හතලිස් හැවිරිදි පුද්ගලයකු බව ඔක්කම්පිටිය පොලිසිය පවසයි.

සැකකරු අද (15) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News