හිටපු ඉන්දීය අගමැති අතල් බිහාරි වජ්පායි අභාවප්‍රාප්ත වෙයි

Share

හිටපු ඉන්දීය අගමැති අතල් බිහාරි වජ්පායි අභාවප්‍රාප්ත විය.

93 වෙනි වියේ පසුවූ හිටපු අගමැතිවරයා වයෝවෘද්ධභාවය හේතුවෙන් හටගත් රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්න‌ේ.

ඔහු දැනට ඉන්දියාවේ පාලනය මෙහෙයවන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු විය.

ඉන්දීය දේශපාලනයේ දැවැන්තයෙකු ලෙස සැලකුණු ඔහු 1996 – 2004 අතර කාලයේදී තුන් වතාවක් එරට අගමැතිවරයා වූ අතර ඉන්දියාව ලෝක න්‍යෂ්ටික බලවතකු බවට පත්කිරීමෙහි ලා ක්‍රියා කළේය.

Read more

Local News