දකුණු ඉන්දියාවේ කේරළයේ ගංවතුරෙන් මිය ගිය ගණන 106 දක්වා ඉහළට

Share

දකුණු ඉන්දියාවට බලපා ඇති මෝසම් වැසි හ‌ේතුව‌ෙන් ක‌ේරළ ප්‍රාන්තයට ගංවතුර තත්වයක් ඇතිව තිබේ.

ම‌ෙම ගංවතුර තත්ත්වයෙන් 106 ද‌ෙන‌ෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළ‌ේ.

එක්ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බවත් සඳහන් ව‌ෙයි.

සංචාරක ප්‍රාන්තයක් වන කේරළයට වසර සියයකට පසුව බලපෑ දරුණුතම මෝසම් කාලගුණය මෙය බව කාලගුණ අංශ සදහන් කරනු ලැබේ.

අයහපත් කාලගුණ තත්වය හ‌ේතුවෙන් අවතැන් ජනතාව ‌බේරා ගැනි‌මේ ම‌ෙහ‌‌ෙ‌යුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළ‌ේ.

ක‌ේරළ ප්‍රාන්තය‌ේ දිස්ත්‍රික්ක 14ක පාසල්ද වසා දමා ඇති බවට වාර්තා ව‌ෙයි‍.

Read more

Local News