පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමට නියමිතයි

Share

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස අද (18) දිවුරුම් දිමට නියමිතයි.

පසුගිය ජුලි මාසය‌ේ පැවති මහමැතිවරණය‌ෙන් ඉම්රාන් ඛාන් නිය‌ෝජනය කළ පී.ටී.අයි පක්ෂය ආසන වැඩි සංඛ්‍යාවක් දිනා ගැනීමත් සමඟයි ඔහු එරට අග්‍රාමාත්‍ය ධුරයට හිමිකම් කියනු ලැබුවේ.

අනතුරුව ඔහු අගමැති ධුරය අත්කර ගැනීම සඳහා එරට කුඩා පක්ෂ සමඟ සන්ධානගත විය.

65 වන විය‌ේ පසුවන ඉම්රාන් ඛාන්ට දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින පාකිස්ථානය නව රාජ්‍යයක් ල‌ෙස ග‌ොඩනැගීමට සිදුවනු ඇති බවයි විචාරකයින් ප‌ෙන්වා ද‌ෙන්න‌ේ.

නව අගමැති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව සිටින ඉම්රාන් ඛාන් නව පාකිස්ථානයක් ග‌ොඩනගන බවට ‌මේ වන විටත් ප්‍රතිඥා දී තිබේ.

පාකිස්ථානය‌ේ ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වු ඉම්රාන් ඛාන් 1992 වර්ෂය‌ේ ලා‌ේක කුසලානය ද පාකිස්ථානයට දිනා දීමට සමත් විය.

Read more

Local News