පකිස්තාන් නව අග්‍රාමාත්‍ය ඉම්රාන්ඛාන්ට ජනාධිපති සුබ පතයි

Share

පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ ඉම්රාන් ඛාන් මැතිතුමා වෙත ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය සුබ පැතුම් එක් කළේ ය.

ඔබතුමා පාකිස්ථාන් ඉස්ලාම් ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට ත‌ේරී පත්වීම පිළිබඳ මග‌ේ උණුසුම් සුභපැතුම් එක් කරමි. ඔබතුමාග‌ේ පාලන කාලය තුළදී ඔබග‌ේ රට සාමය සහ සමෘද්ධිය කරාග‌ෙන යෑමටත්, ‌දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරිමටත් සමත් වන බව මට විශ්වාසයි.
අප ද‌ෙරට අතර දගු කලක පටන් පවත්නා ඉතා සුහද මිත්‍ර සබඳතාා සහ ද්විපාර්ශ්වික සහය‌ෝගීතාව තවත් වර්ධනය කර ගැනීමේ ඉඩකඩ දැන් අපට තිබේ. එකී මිත්‍රතත්වය තවදුරටත් සවිමත් කිරිමටත්, සහය‌ෝගිතාව පුළුල් කර ගැනීමටත් ඔබතුමා සමඟ සමීපව කටයුතු කිරිමට මම අප‌ේක්ෂා කරමි.
ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමාට සුභාශිංසන එක් කරන මම ඔබතුමාට යහපත් ශරීර ස‌ෞඛ්‍යයෙන් යුතු අනාගතයකට සුභ ප්‍රාර්ථනා කරමි.
ජනාධිපති
ම‌ෛත්‍රීපාල සිරිසේන

Read more

Local News