logo

මී උණ රෝගීන් වාර්තාවීම ඉහළට

35

මී උණ රෝගීන් වාර්තාවීම ඉහළ යමින් ඇති බවත්, වසරේ ගතවූ කාලය තුළ මී උණ වැළඳුණු රෝගීන් 2691 දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ, රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 436 කි.

කළුතර, ගම්පහ ගාල්ල දිස්ත්‍රික්කවලින් ද මී උණ වැළඳුණු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවී තිබේ.

කුඹුරු හා වගුරුබිම් ආශ‍්‍රිතව මෙම රෝගය වැඩි වශයෙන් පැතිර යන අතර මී උණ රෝගය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසද වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.