ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔනොදෙර දිවයිනට

Share

ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔනොදෙර මහතා ත‌ෙදින සංචාරයක් සඳහා ඊය‌ේ (20) දිවයිනට පැමියේ ය.

ඊයේ රාත්‍රි 10.10ට ඉන්දියාවේ දිල්ලි සිට පැමිණි ශ්‍රි ලංකන් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි ඇත.

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සමග 19 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක ඇමැතිවරයා මෙරට රැඳී සිටින අතරතුර ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා හමුවීමට නියමිතව තිබෙන අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටට වැදගත්වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Read more

Local News