පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස් කරන්න – සෞඛ්‍ය අමාත්‍ය

Share

පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ අවසන් වාර්තාව සකස් කිරීමෙන් පසු එය කඩිනමින් ගැසට් කිරීමට නියමිතය. පෞද්ගලික රෝහල්වල ගාස්තු අය කිරීමේ දී අයකරනු ලබන වැට් අගය ඉවත් කිරීමට රජය කටයුතු කර ඇත. ඒ අනුව නියම කරනු ලබන ගාස්තු ඇතුලත් පැකේජය තුලට වෛද්‍යවරුන්ගේ ගාස්තු ද ඇතුලත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදෙන ලදි. මේ අතර වතුකරයේ ත්‍රීපෝෂ බෙදාහැරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා මගහරවා ගැනීම සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය, කළුතර සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක වල විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ද තීරණය විය. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී කාර්යාල වල සහ වතු අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ ත්‍රිපෝෂ බෙදාහැරිමට ද කටයුතු යොදා ඇත.

Read more

Local News