ගම්පපොළ සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරළි වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කළ බව නාවලපිටිය පොලිසිය පවසයි.
අද (24) උදෑසන 11.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේදී යි.
අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය රියදුරාට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ගඟ අසල ප්‍රදේශයට පෙරළි ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන නාවලපිටිය පාෙලිසිය පැවසුවේ.