කසළ තේ කුඩු අලෙවිකරමින් සිටි වෙළෙඳසැල් හිමිකරුවෙකු අත්අඩංගුවට

Share

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කුඩු අලෙවිකරමින් සිටි කොටගල නගරයේ වෙළෙඳසැල් හිමිකරුවෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අද (24) අත්අඩංගුවට ගෙන තිබේ.

එම වෙළෙඳ සැලේ රහසිගතව සඟවා තිබු විවිධ ප්‍රමාණයෙන් යුතු බෑග් තුළ අසුරා තිබුණු කසළ තේ කුඩු කිලෝ 150 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කළේ, මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කුඩු වෙනත් තේ කුඩුවලට කවලම් කොට මෙම ව්‍යාපාරිකයා විසින් කලක පටන් මෙම ජාවරමේ නිරතව ඇති බවට තොරතුරු හෙළිව ඇති බවයි.

Read more

Local News