වියට්නාමයේ හැනෝයි නුවරදී අද (27) සහ හෙට (28) දෙදින තුළ ඉන්දීය සාගර සමුළුව පැවැත්වෙයි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව සඳහා සහභාගී වීමට වියට්නාමය බලා පිටත්ව ගොස් ඇත.
මෙවර සමුළුවේ තේමාව “කලාපීය නව හැඩ තල ගොඩනැංවීම” වන අතර, මෙහිදී ඉන්දියානු සාගර කලාපයේ මුලෝපායික සහ ආර්ථික වැදගත්කම ගැඹුරින් අවබෝධ කරගනිමින්, ආරක්ෂාව, වෙළඳ සහ වාණිජ කටයුතු සහ පරිපාලනය සඳහා සාමූහිකව කටයුතු කිරීමේදී නව කලාපීය හැඩතල ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු වනු ඇත.
අද දින සමුළුවේ සමාරම්භක සැසියේදී වික්‍රමසිංහ මහතා අදහස් දැක්වීමට නියමිත ය.