ධිවර හා ජලජ සම්පත් රජ්‍ය අමාත්‍ය කලමැටිය ධිවර වරාය නිරීක්ෂණ කරයි

Share

ධිවර ජනතාවගේ දීර්ඝකාලීන අත්දැකීම් නොසළකා ධිවර ක්ෂේත්‍රයේ සිදුකළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සාර්ථක වී නොමැති බැවින් ධිවර ජනතාවගේ අදහස් විමසා ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයන්ගේ යෝජනා මෙන්ම නවීන තාක්‍ෂණය මුසු කර ධිවර වරායන් සැළසුම් කර ඉදිකිරිම රටටත් ජනතාවටත් වඩාත් ප්‍රයෝගිකම ක්‍රියාවලිය බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව සදහන් කළේ, කලමැටිය ධිවර වරායේ ඉදිකිරීම් සහ එම ඉදිකිරීම් පිළිබදව ධිවර ජනතාව එල්ල කරන චෝදනා පිළිබඳව සොයාබැලීම් නිරීක්‍ෂණ චාරිකාවට එක් වෙමිනි.

Read more

Local News