ලුවිස් ඇන්ඩ් ක්ලාර්ක් නෞකාව ත්‍රිකුණාමලය වරායට

Share

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලුවිස් ඇන්ඩ් ක්ලාර්ක් නෞකාව (ඔක්තෝබර් 02) වන දින සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසයට (Cooperation Afloat Readiness and Training Exercise – 2017) සහභාගී වීම සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

නෞකාව දිගින් මීටර් 210 කින් යුක්ත වන අතර, පළල මීටර් 32 ක් වේ. හෙලිකොප්ටර් යානා 2 ක් සහිත අංගනයකින් ද මෙම නෞකාව සමන්විතය. ලබන 06 වන දින නාවික අභ්‍යාසය අවසන් කිරීමෙන් අනතුරුව නෞකාව දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත.

 

Read more

Local News