ජනපති නේපාලයට – අගමැති දිවයිනට

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා අද (29දා) උදෑසන නේපාලයේ කත්මණ්ඩු නුවර බලා  පිටත්ව ගියේය.

ඔහු සමග මෙම සංචාරයට 17 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්විය.

මේ අතර වියට්නාමයේ හැනෝයි නුවර පැවති ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (28දා) රාත්‍රී යළි ශ්‍රී ලංකාවට පැමිණියහ.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු 08 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පසුගිය 25 වනදා සිංගප්පූරුවේ සංචාරයක නිරත වුණි.

Read more

Local News