රුසියාව විසින් වසර 37 කට පසුව අති දැවැන්ත යුධ අභ්‍යාසයක් පැවැත්වීමට සුදානම් ව‌ෙයි

Share

ස‌ෙබළුන් 300,000ක සහභාගීත්වය‌ෙන් යුක්තව රුසියාව විසින් වසර 37 කට පසුව අති දැවැන්ත යුධ අභ්‍යාසයක් පැවැත්වීමට සුදානම් බව රුසියානු ජනාධිපතිවරයාග‌ේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි ප‌ෙස්ක‌ොව් සඳහන් කරයි.

රුසියාව අවසන් වරට යුධ අභ්‍යාසයක් පැවැත්වුය‌ේ 1981 වස‌ෙරේදී යි. ඒ ශිත යුධ සමය‌ේදී යි.

ව‌ෝස්ට‌ොක් 2018 ල‌ෙස නම් කර තිබෙන ම‌ෙම යුධ අභ්‍යාසය සැප්තැම්බර් මස 11 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ම‌ෙම යුධ අභ්‍යාසය හ‌ේතුව‌ෙන් තම රටට එර‌ෙහිව එල්ල වු “අහිතකාමි සහ ආක්‍රමණශීලී” ක්‍රියා කලාපයන්ට අභිය‌ෝග කරමින් ලබාද‌ෙනු ලබන පිළිතුරක් ල‌ෙස තමන් විශ්වාස කරන බවයි රැසියාව සඳහන් කරන්න‌ේ.

ම‌ෙම යුධ අභ්‍යාසය සඳහා තුන් ලක්ෂයක හමුදා බල ඇණියක්, යුධ ටැංකි ඇතුළු හමුදා රථ 36 000ක්, ගුවන් යානා 1000ක් සහ නාවික හමුදාවේ ප්‍රහාරක නැව් ද‌ෙකක් එක් වීමට නියමිත බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂ‌ෝගු සඳහන් කර සිටිය‌ේ ය.

මීට අමතරව චීනය සහ ම‌ොංග‌ෝලියානු හමුදා බල ඇණි කිහිපයක් ද ම‌ෙම රුසියානු යුධ අභ්‍යාසයට එක් විමට නියමිතයි.

Read more

Local News