එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට නොමිලේ රක්ෂණ ආවරණයක්

Share

මොණරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් රක්ෂණ ආවරණයක් ලබාදීමට කටයුතු කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසී ය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් නොමිලේ මෙම රක්ෂණ ආවරණය ලබාදෙයි.

රක්ෂණ ආවරණය ලබාදීමේ සහතික පත්‍රය නිලවශයෙන් ප්‍රදානය කිරීම අද (30) මොණරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය අසළදී සිදු කෙරුණු අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මොණරාගල ශාඛා කළමනාකරු ශාන්තකරු විතානගේ මහතා විසින් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත රක්ෂණ ආවරණ සහතික පත පිරිනැමීම සිදු කළේ ය.

මෙවැනි රක්ෂණයක් මීට පෙර පැවැති ප්‍රදර්ශනවල සිදු කර නෑ. ප්‍රදර්ශන නැරඹීමට පැමිණෙන ජනතාවට විවිධ අනතුරුවලට මුහුණ දෙන්න සිදුවන අවස්ථා ඇතිවෙනවා. ප්‍රදර්ශනයට පැමිණෙන ජනතාවට රක්ෂණයක් නොමැතිවීමෙන්, පසුගිය කාලයේ ප්‍රදර්ශනවල සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් විවිධ අපහසුතාවයන්ට පත් වූ  අවස්ථා තිබෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මඟපෙන්වීම මත රක්ෂණ සංස්ථාව විසින් මෙම රක්ෂණය ආරම්භ කළා.

මෙහිදී අඳහස් දැක්වූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මොණරාගල ශාඛා කළමනාකරු සඳහන් කළේ, ප්‍රදර්ශනය නැරඹීම සඳහා ප්‍රදර්ශන භූමියට ඇතුළුවන සෑම පුද්ගලයෙකුම මෙම රක්ෂණයට ඇතුළත් වන බවය.

මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ද එක්විය.

Read more

Local News