ඖෂධ හිඟයක් ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දෙන්න – සෞඛ්‍ය අමාත්‍ය

Share

රෝහල්වල විශාල ඖෂධ හිඟයක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මාධ්‍යයට කර ඇති ප්‍රකාශය පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ කරුණූ දැක්වීමයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරන පරිදි රෝහල්වල විශාල ඖෂධ හිඟයක් මතුව ඇත්නම් ඒ පිළිබදව සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියි. එම තොරතුරු පදනම් කර ගනිමින් අවශ්‍ය පියවර ගැනීමට තමන් සුදානම් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධරණය කර සිටියි. සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වන විට ඖෂධ වර්ග 49 -70 අතර ප්‍රමාණයක හිඟයක් දිනපතාම පැවැති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා එම හිඟය මගහරවා ගැනීම සදහා රෝහල් පද්ධතියට මෘදුකාංගයක් හදුන්වා දුන් බව ද සදහන් කරයි.

එම පරිගණක මෘදුකාංගයට අනුව ඕනෑම රෝහලක සිට අනෙක් රෝහලට අවශ්‍ය හිඟ ඖෂධ ලබාගැනීමේ හැකියාව පවති. ඒ අනුව ඇතැම් හිඟ ඖෂධ කඩිනම්න් වෛද්‍ය සැපයුම් අංශයෙන් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාදීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ සදහන් ප්‍රධාන කරුණූ 03 ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල මිල අඩු කිරීම, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම, රජය හරහා එම ඖෂධ බෙදාහැරීම ඇතුලු එම කරුණු ක්‍රියාත්මක කිරීමට තමන් පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Read more

Local News